Monday, March 7, 2011

මධුර ප්‍රේම කල්පනා.. ගෙනේ විරහ වේදනා...


අපි හෙට කොහේ හරි යමුද?
ඇයි? මොකද මේ හදිස්සියෙම?

"නෑ මං නිකන් ඇහුවෙ.. අපි හැමදාම චුට්ට දුරක් බස් එකේ යනවා.. ඔයා මාව දාලා යන්න බෑ කියලා අඬලා ගෙදර ලඟදි බස් එකෙන් බහිනවා.."

"හරි හරි කොහෙද අපි යන්නෙ කියන්නකො"

අපි ........ පැත්තෙ යමුද?
ඉතින් ඔයාලගෙ ඔෆිස් එකේ අය දැක්කොත් මොනවා වෙයිද?අනිත් එක එහේ හුගක් දුරයිනෙ රත්තරන්
ඉතින් ඒකට මම බය නැත්නම් ඔයා මොකටද බය වෙන්නෙ....
හා හා එහෙනම්... හැබැයි අම්මා හවස ගෙදර එන්න කලින් මට ගෙදර යන්න ඕන.

කොහොමින් කොහොමින් හරි ඊළඟ දවසෙ උදෙන්ම බස් එකකට නැග්ග කියමුකො.
මොකක්දෝ පිනක් තිබිලා දෙන්නටම එක සීට් එකක වාඩි වෙන්න ලැබුනා.

ඔයාගෙ සුදු පාට චූටි අතක් මගේ අතේ පැටලුනා. අනෙත් අත මගේ උරහිසට යටින් මගේ අතේ වෙලුනා. ඔයාගෙ ඔලුව මගේ උරහිසට බර උනා. මගේ අතට ඔයාගෙ පපුවෙ උනුසුම දැණුනා.මගේ නහයට ඔයාගේ සුවඳ දැණුනා. බස් එක ගොඩක් දුර ගියා..

"ඔයා නිදිද "
"ම්ම්ම්ම්ම්...."
"අපි ඉස්සරහින් බහිමු"
"බෑ... බෑ... තව ගොඩාක් වෙලා මෙහෙම ඉන්න ඕන"
"අනේ පැටියෝ අපි මෙතනින් බහිමුකෝ. මන් ඔයාව ලස්සන තැනකට එක්ක යන්නම්"
" ම්ම්ම්... එහෙනම් බහිමු"

විනාඩි පහකට පස්සෙ අපි දෙන්නා හිටියෙ වැව් බැම්ම උඩ.ඔයා මගේ අත තදින් අල්ලගත්තා.
"අනේ හරි ලස්සනයි.. ඔයා මෙච්චර ලස්සන තැන් දන්නෙ වෙන කවුරුහරි එක්ක මෙතනට එනවද දන්නෙ නෑ"
ඔයා මවාගත්ත තරහකින් කිවුවා..

"වෙන කවුරුවත් එක්ක එන්න ඔයා මට නැති වෙලා වෙන කෙනෙක් හමු වෙන්න ඕනනෙ. එහෙම හමු උනාම මෙතනටම එක්ක එන්නම්කො"
එදා ඒ කතාව විහිලුවට කිවුවත් දැන් මට ඔයාව නැති වෙලා. ඒත් තාම වෙන කෙනෙක් හමු උනේ නෑ.

"අපි මේ පඩි පෙළ උඩින් වාඩි වෙමුද?"
"ඔයාට ඕන තැනකින් වාඩි වෙන්න. මේක මගේ ඒරියල් එක. ඕන තැනක ඕන විදියකට ඉන්න. කිසි දේකට බය වෙන්න එපා.."
"අනේ යන්න.. මහ ලොකු චණ්ඩියා.. ඒත් තාම අම්මට බයයි"
"ඒක බය නෙවෙයි පැටියෝ .. "

ආයෙත් ඔයාගෙ අත මගේ අතේ පැටලුනා.. ඔයාගෙ ඔලුව මගේ උරහිසේ. මගේ නහය ඔයාගෙ සුවඳ හොයාගෙන ඔයාගෙ ඔලුව පුරා ගියා. ඒත් මොහොතකින් මගේ ඇස් නතරවුනා. ඔයාගෙ බ්ලවුස් එක වැවෙන් එන සුළඟත් එක්ක දඟ කරනවා.ඒ අස්සෙන් ඔයාගෙ සුදු පාට පපුවෙන් චුට්ටක් පේනවා. මගේ හිත මටත් හොරෙන් දඟ කරනවා. මං හිතන්නෙ ඔයාට ඒක තේරුණා.එක අතකින් දඟ කරන බ්ලවුස් එක අල්ලගත්තෙ ඒ නිසා වෙන්න ඇති.

"බබා..."
"ම්ම්ම්ම්" ඔයා ඇස් දෙක වහගෙනම කෙඳිරුවා.
"මට මොනවද පේනවා"
"බලන්න එපා.. ඔයා ඇස් වහගෙන ඉන්න"

වැව් කන්ඩිය උඩින් බයිසිකලේකින් යන කොල්ලො දෙන්නෙක් අපිට නෝන්ඩියට වගේ මොකක්දෝ සින්දුවක් කියාගෙන ගියා. මම හැරිලා බැලුවා.
" ආ..සර්.. අපි යන්නම්.. පිටිපස්සට අඳුනගන්න බැරි වුණා"
මම හිනා වෙලා ඔලුව වැනුවා. මෙතන හිටියොත් පටි රෝල් වෙන බව මට තේරුණා. මම හිතන්නෙ ඔයාටත් ඒක තේරුනා.

" මට බඩගිනියි"
"අපි කඩේකින් කමු"
"හා.. මට ඔයාලගෙ ඔෆිස් එක බලන්න ආසයි"
"ඒත් පැටියෝ දැන්ම ඔයාව ඔෆිස් එකට එක්කගෙන යන්න බෑනෙ"
"ඇයි ඔයාලගෙ ඔෆිස් එකේ ගෑණු ලමයි මාව දකියි කියල බයද?"
"නෑ එහෙම ප්‍රශ්ණයක් නෑ.. ඔයාට ඔච්චර අවිස්වාස නම් යමු"
මම පොඩි දුකකුත් එක්ක උත්තර දුන්නා
"පොඩ්ඩක් ඉන්නකෝ" මම ෆෝන් එක ගන්න ගමන් කිවුවා.

"හෙලෝ"
"ආ මල්ලී.. මොකද අද ඔෆිස් ආවෙ නැත්තෙ"
"වි--- අක්කෙ. මම අද --- එක්ක පොඩි ගමනක් ආවා"
" ආව්.. ආව්.. ඒත් අපි බැලුවා කොල්ලා අද නැත්තෙ මොකද කියලා. දැන් ඉතින් කොහේද ඉන්නෙ"
"මම දැන් නම් ඉන්නෙ මේ ලඟම තමයි"
"මල්ලි දවල්ට කාලද"
"තාම නම් නෑ. ඒත් කඩෙන් කන්න හිතාගෙන ඉන්නෙ. අක්කට ---ව දකින්න ආසයි කිවුව හින්දයි කතා කලේ"
"අනේ මල්ලි.. දෙන්නත් එක්ක අපේ ක්වාටර්ස් එකට එන්න. අපේ ගෙදරින් කෑම කමු"
"මම ----න් අහල කියන්නම්"
"අනේ එන්න මල්ලි.. මම ධ--- අයියටත් කියනවා ඔයාල එනවා කියලා."

"බබා, ඔයත් එක්ක දවල්ට කන්න එන්න කියලා වි--- අක්කා කියනවා, මොකද කියන්නෙ"
"අනේ මන්දා.. මම ගැන මොනවා හිතයිද දන්නෙ නෑ."
"මොනවා හිතන්නද? මම ඔයා ගැන කියලා තියෙන්නෙ"

අපි දෙන්නා ත්‍රීවීලර් එකක නැගලා වි--- අක්කයි ධ--- අයියයි ඉන්න ක්වාටර්ස් එකට ගියා. ඔයා බයෙන් බයෙන් ලැජ්ජාවෙන් මාත් එක්ක ආවා. අක්කා හිනා වෙලා ඉස්සරහට ආවා. අයියා ඒ වෙලාවෙම කොහෙද ඉඳලා බයික් එකෙන් ආවා.
" ආ.. ජෝඩුව ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නෙ අපේ ගෙදර වගේ"
"ඕන නැති කතා කියන්නෙ නැතුව ඉන්න. ඇයි ඔයාට මතක නැද්ද ඉස්සර අපිත් මෙහෙම ගියා"
වි--- අක්කා ධ---- අයියට සැර කලා.
"මල්ලී එහෙනම් මම යනවා. ඔෆිස් එකේ ඉන්න ගමන් ආවෙ."
"හරි හරි"මම කිවුවා. ඔයා අහින්සක විදියට හිනා වුනා. ඔයා චුට්ටක් බය වෙලා වගේ.
"එන්න නංගී"
වි--- අක්කා ඔයාව ගේ ඇතුලට එක්ක ගියා. මම සාලෙ තනි වුණා.
ටිකකින් කූල් ඩ්‍රින්ක්ස් දෙකක් අරගෙන වි--- අක්කයි ඔයයි ආවා.. ටිකක් වෙලා කතා කර කර හිටිය වි--- අක්කා ආයෙ කුස්සියට ගියා.
ඔයා අහින්සක විදියට මගේ මූන බලලා හිනා වුනා.
"මල්ලී.. කෑම කුස්සියෙ මේසෙට ඇරලා තියනවා. ඔයාලා ටිකක් කතා කර කර ඉඳලා කන්න.මම ඔෆිස් එකට යනවා. මොනවා හරි ඕන වුනොත් මට කෝල් කරන්න."
"අපි ... මේ ..මේ.."
"හරි හරි මල්ලි, අපිත් ඔය වයසෙ හිටියනෙ. ඔයාලට කතා කරන්න දේවල් ඇතිනෙ"
වි--- අක්කා යන ගමන් කියාගෙන ගියා.

මම අසරණව ඔයාගෙ මූණ බැලුවා. ඔයත් එහෙමම මන් දිහා බලා හිටියා.
" මම හිතුවෙ නෑ මෙහෙම වෙයි කියලා, ඔයාට බයයිද?"
ඔයා බිම බලාගෙන ඔලුව වැනුවා.
මම ඔයා වාඩිවෙලා හිටිය සෝෆා එකට ඇවිත් ඔයා ලඟින් වාඩි වුණා.
මගේ අත ඔයාගෙ උරහිස වටේ එතුනා. මගෙ ඔලුව ඔයාගෙ උරහිසට බර උනා. ඔයා මගේ ඔලුව අත ගාන්න පටන් ගත්තා.

"බබා"
"ම්ම්ම්ම්"
"මම ඔයාගෙ උකුලෙන් චුට්ටකට ඔලුව තියාගන්නද?"
"ම්ම්ම් චුට්ට වෙලාවකට විතරයි"
මගේ ඔලුව ඔයාගෙ උකුලට වැටුනා. ඔයාගෙ මූන මට ඉහලින් පේනවා. ඊට පහලින් ඔයාගෙ පපුව මගේ මූණ ලඟ. ඔයාගෙ අතක් මගේ ඔලුව අත ගානවා. මම පොඩි කාලෙ ඉඳලා හෙවුව ආදරේ, ඒ කාලෙ ඉඳලා මට නැති වෙච්ච ආදරේ මට ලැබෙනවා වගේ දැනෙනවා.
"පැටියෝ" මම චුට්ටක් ඉස්සිලා ඔයාගෙ පපුවට මූණ තියන ගමන් කිවුවා.
"ඇයි"
මම පොඩ්ඩක් මේ බට්න් එක ගලවන්නද?
"එපා.. එපා" ඔයා ලැජ්ජාවෙන් කිවුවා.
"අනේ..."
ඔයා ලැජ්ජාවෙන්ම ඔලුව වැනුවා.

මගේ මූන ඔයාගෙ පපුවෙ දඟ කලා. ඔයාගෙ පපුව ගැහෙන රිද්මෙ මට දැනුනා. මට නැතුව තිබුන ආදරේ ඔයා ලඟ තියන බව මට තේරුණා. ඔයාගෙ සුවඳ ආයෙ අමතක නොවන විදියට මට දැනුනා. ඔයා විස්වාස කරයිද මන්දා, ඒ සුවඳ අන්තිම වතාවට දැනුනෙ මීට අවුරුදු දෙකකට කලින් වුනාට මේ ලියන මොහොතෙත් මට ඒක දැනෙනවා. ජීවිතේ අපි කැමති දේවල්ම වෙනවනම් කොච්චර හොඳද?

මම එතනින් නැවතුනා. කවදාහරි දවසක ඔයාව මටම ලැබෙනකන් මට මේ පපුවෙ උනුසුම ඒ ආදරේ ජීවත් වෙන්න උදවු කරයි. ඒත් දැන් නම් ඔයා මට ආයෙ ලැබෙන්නෙ නෑ කියලා මම හොඳටම දන්නවා.

ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක්ගේ පපුවේ තියන උණුසුම මම විඳ ගත්තෙ එදා ඔයාගෙ පපුවෙන්. අවසන් වතාවටත් මට උනුසුම ලැබුනෙ ඔයාගෙන්. ඒත් ඔයාගෙ කිසිම දෙයක් මම ගත්තෙ නෑ. මම අදටත් ඒ ගැන ආඩම්බර වෙනවා.

4 comments:

  1. ඉඳකින් වලා....හික්.....හික්....

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...............

    ReplyDelete
  3. SAME AS MY STORY.BUT SHE NEVER TOLD ME THAT SHE LOVE ME.I MISS HER THEN ME ALSO..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete