Wednesday, July 25, 2012

උඹලා එහෙනම් බ්ලොග් ලෝකෙටත් කෙළෙව්වා ඈ.............




මීට අවුරුදු ගානකට ඉස්සර බ්ලොග් ලෝකෙට පය තිව්ව එකෙක් මම. ඒත් පෝස්ට් ගාන අතේ ඇඟිලි ගාණටත් අඩුයි. ඒ ඉතින් මට ලියන්න වෙලාවක් නැතිකම එක්කම ලියන දෙයක් බලන එකෙක්ට පිරියක් ඇතුව බලන්න පුලුවන් කම ඇතුව බලන්න පුලුවන් විදියට ලියන්න හැකියාවක් නැතිකම හින්ද තමයි. ඒ උනත් මම පුලුවන් හැම වෙලාවෙම මේ ලෝකෙට ගොඩවෙලා බලනවා. ඒත් කියන්න කණගාටුයි දැන් දැන් බලන්න කියවන්න දේවල් නෑ. එක එක ඕපාදූප, පෞද්ගලික අමනාපකම් , මඩ ගැහිලි, බෙල්ල කැපිලි, මෝඩ ජෝක් ඇරෙන්න වැඩක් ඇති දේවල් නෑ. (නෑ කිව්වට තාමත් ටිකක් තියනවා. ඒ වුණාට අතේ ඇඟිලි ගානටත් නෑ)

ඉතින් මේ යන විදියට ඒ කාලේ තිබුණු එකමුතුකම සහයෝගය කියන ඒවා ආයෙ මේ බ්ලොග් ලෝකෙ දැකගන්න ලැබෙන එකක් නෑ වගේ. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ බ්ලොග් බලන එක නවත්තනවා ඇරෙන්න. තාමත් හොඳට තියන බ්ලොග්වල නම් කියන්න බෑ. එකක්හරි අමතක වුනොත් ඒක අසාධාරණයක් වෙන නිසා. 

පිං සිද්දවෙයි. හැමෝම තම තමන් හිතලා බලලා තමන් ලියන ඒවායින් අනෙත් අයට වැඩක් තියෙයිද කියලා බලලා ලියලා දාන්න. බ්ලොග් ලියන කෙනාට තමන් කැමති දෙයක් ලියන්න අයිතියක් තියනවා තමයි. ඒත් එහෙම කියලා මේක තවත් කුණු ගොඩක් කරන්න එපා.

අපි අසරණ වෙච්ච, ජීවිතේ කඩා වැටුණු වෙලාවල්වල ආයෙ නැගිට්ටෙ මේ බ්ලොග් ලෝකෙ හින්දා. මේකෙ හිටිය මනුස්සයො හින්දා. ආයෙ ඒ වගේ දෙයක් වෙච්ච මනුස්සයෙක්ට ජීවිතේ ගැටගහගන්න මේ ලෝකෙ ඉතුරු කරපල්ලා.....

(ලොකුවට කියන්න තියන කතාව කියන්න වෙලාවක් නැති නිසා කෙටියෙන් කිව්වෙ)

1 comment: