Sunday, November 21, 2010

මාමාගේ කුණුහරුප සහ අහින්සක කපුගේ


ආයුබෝවන්ඩ ආයුබෝවන්ඩ ( ආයි බොන්ඩ නම් බෑ ඕන්)



සෑහෙන කාලෙකට පස්සෙ ඕන් මාත් මේ පැත්තෙ අවිදින් යන්න ආවයි කියමුකෝ. පහුනු දොහේ මහ උලු ගෙදරට වෙලා කාලා බීලා ෆුල් ජොලියෙ හිටියා. දැන් ඉතින් එවුව්ත් ඉවරයි. ආයෙ ඉතින් පරණ පුරුදු විදියට කාටහරි ගුලියක් අඹරලා ස්ලාන්ට් එකේ ඉන්නයි තියෙන්නෙ.

හදිස්සියෙම මතක් උනා අපේ මාමා (මාමා කිවුවට කොල්ලෙක් තමයි. අපි ඉතින් ලෙන්ගතුකමට කියන්නෙ මාමා කියලා) ඉස්සර දවසක කියපු කතාවක්.

ඒ දවස්වල අපි හිටියෙ බෝඩිමක. බෝඩිමක් කිවුවට් බෝඩිමක්ම නෙමෙයි. ෆුල් ගෙයක කොල්ලො පස් දෙනෙක් තමයි හිටියෙ. එකෝමත් එක දවසක අපි ඉතින් හවස ක්ලාස් ගිහිල්ල එනකොට මාමණ්ඩියා ඉස්සෙල්ල දවසෙ රෑ ඉතුරු වෙච්ච කලු ලේබල් කොටෙනුත් සප්පායම් වෙලා කාරිය හෙඩ්ෆෝන් එකත් කණේ ගහගෙන සරමත් යන්තමට එල්ලගෙන පුටුවක් උඩට වෙලා ඉන්නවයි කියමුකො.

ඒ විතරක් නම් බැරියැ. මොකෙක්ටද මන්දා සුද්ද සින්හල කුනුහරුප ටික ඔක්කොම ආදේශ කරනවා. අපිටත් ඉතින් මළ අතේ.ඇයි යකෝ මූ අපේ ඉතිරි වෙච්ච කොටෙත් පලල දාලා තව වටපිටාවෙ ගෙවල් වලටත් ඇහෙන්න කුණුහරුප බ්‍රෝඩ්කාස්ට් කරනවනෙ. බැලින්නම් මේකා මේ බනින්නෙ අපේ රත්තරන් වටින කපුගේ උන්නැහේටනෙ.

"මොකක්ද බන් මේ වැඩේ තේරුම. කෑවනම් බිවුවනම් සද්දෙ වහලා බුදිය ගනින්කෝ"

" අඩ්ඩෝහ්... උඹලට්ටත් මම මෙහේ ඉදන් කුනුහරපයක් කිවුවොත් තමයි ගැ-- කහන්න ගන්නෙ, මේ බලපිය -රි-, මේ කපුගේ ප-- කුනුහරුප කියන්නෙ රටටම ඇහෙන්නනෙ. ඒ මදිවට විශාරද විභාගෙත් පාස් වෙලාය කියන්නෙ"

"අම්මට සිරි කපුගේ කුනුහරුප කියනවද? වෙනින් මොකෙක් හරි කපුගේගෙ වොයිස් එකෙන් කුනුහරුප සින්දු කියනව ඇති බන්.. කෝ දීපන් අපිටත් අහන්න"

මේකට අමු කැවිලද කොහෙද ... "මේ ප්ලේ වෙන්නෙ කපුගේ ගෙ විදුලි මිණි පහන් කියන ලස්සන සින්දුවනෙ බන්"

"ඒක්ක තමයි බන් මම කියන්නෙ. කොහේද්ද උඹලගෙ කිශිම රසවින්දනයක් නෑනෙ.ඒකටත් එක්ක මගේ රසවින්දනය. බොහෝඕඕම පළල්.."

"හ්ම්.. හ්ම්..ඊයෙ පෙරේදා දවසක අලියෙකුත් ඇවිල්ල හැරිල ගියයි කියන්නෙ පළල් වැඩියි කියල"

" ඉතින් කියපන්කො මොකක්ද මේ සින්දුවෙ තියන කුණුහරුපෙ කියල"

මාමණ්ඩියා බොහොම ආඩම්බර ලීලාවෙන් රිවයින්ඩ් ෆාස්ට් ෆෝර්වර්ඩ් එහෙම කොරල තැනක නවත්තලා කිවුව " දැන් අහ්හා ගනියවු.. කපුගේ කියන්නෙ කුණුහර්ප නෙමේද්ද කියලා"

අපිත් ඉතින් අහල බැලුවා.. ම්හු.. අපිට මීටරේට වැටෙන්නෙ නෑ.

"ඕකනේ කියන්නෙ. තොප්පේ දැනුමෙ තරම තමයි. දැන් ඔය කපුගේ කියන්නෙ පුර්රාගෙන පිර්රූ විතේ විසුලු කෙලි නැටුම් සිනා..යොමා ඇස බලන් යළි සොදුරියෙ වැදුම් දොර්ර දිහා..කියාපියව් බලන්න වැදුම් දොර්ර කියන්නෙ මොකක්ද කියලා. තොපිට මම පොඩ්ඩක් කුණුහර්පයක් කිවුවොත් තමයි අම්මාරුව. දැන් ඉතින් ඇරපියවුකො බලන්න කපුගේගෙත් --"


මාමණ්ඩියා දවසේ වාක්කිය කිවුවා.. අපිට ඉතින් පැය දෙක තුනක් යනකල් දත් සෙට් එක කට ඇතුලට දාගන්න බැරි උනා...

ඇත්තටම කපුගේ කිවුවෙ යොමා ඇස බලන් යළි සොදුරියෙ මැදුරුදොර දිහා කියලයි..

ඔන්න අහලම බලන්නකෝ..

seek 02:10/04:16

10 comments:

  1. මාමන්ඩිය සුවල්ප වාක්කියක් දෙසා බාන්න ඇත්තේ... අද නොවැ මෙ පැත්තේ ආවෙ... මරු මරු දිගටම ලියමු...
    චියර්ස්...

    ReplyDelete
  2. නියම කතා ටිකක් නෙව මෙහේ තියෙන්නේ නියමයි නියමයි ..

    මමත් නිතරම මේ පැත්තේ ඇවිදින්න එන්නම්කෝ

    ජයවේවා !!

    ReplyDelete
  3. සින්දුවල පද වරද්දා ගන්න මාමලා, නැන්දලා ගොඩයි.
    මේ බලන්න කොමෙන්ටු ටික.

    http://kathandara.blogspot.com/2009/07/blog-post_27.html

    ReplyDelete
  4. @ කකා

    අම්මප ඇත්ත නේන්නම්..

    ReplyDelete
  5. අහ්..නියම වැඩක්... :)

    ReplyDelete