Monday, June 21, 2010

අරක්කු සහ අපි - කන බොන මිනිස්සුන්ට කටගැස්මට



අපි අරක්කු බොන්නෙ ඇයි? එක එක අයට එක එක හේතු තියනවා. සමහරු දුකට බොනවා. (හරියට මම වගේ) සමහරු සතුටට බොනවා. (ඒත් මම වගේ) සමහරු වැඩක් නැති කමටයි බොනවා. (මම නම් එහෙම නෑ) අරක්කු ( පොදුවේ අරක්කු කියල කියමු. මත්පැන් කියන වචනෙ මේ වගේ දේවල් වලට ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවා) බොන හැමෝටම තමන් බොන්නෙ ඇයි කියන එකට කියන්න ඕන තරම් හේතු තියනවා. ඇයි යකෝ රා බොන්න පොල්ගස් නැගල මාට්ටු වුනාම කියන්න හේතු තියන අයියලා ඉන්න රටේ ඕකට හේතු නැති වේවියැ.

දුකට බොන අය ඒකෙන් බලාපොරොත්තුවෙන්නෙ මොනවද? සමහරු බනිනවා තමයි කරදර අමතක කරගන්න බීලා තියන කරදර වැඩි කර ගන්නවා කියලා. ඒත් ඒක සාදාරණ වෙන්නෙ සමහර අවස්තාවලට විතරයි. මගේ අත්දැකීම අනුව නම් ආදරය සම්බන්ද ප්‍රශ්න වලදී අරක්කු බීම කියන්නෙ ජීවිත බේරාගැනීමට හැකියාවක් ඇති දිව්‍යමය පානයක් කියන එකයි.

කාට කාටත් හිතෙනව ඇති මේකා මේ එන්නෙ මූ බීලා අනෙත් එවුන්ටත් පොවන්න කියලා. ( ඒකනෙ මම මට හරියන නම දාගෙන තියෙන්නෙ.. :) )

අපි මෙහෙම හිතමුකෝ.. මේ සිරිලංකාවෙ ආදරය සම්භන්ද ප්‍රශ්න නිසා අවුරුද්දකට කී දෙනෙක් නම් සිය දිවි නසා ගන්නවද? අරක්කු බීලා ප්‍රශ්න විසදන්න බෑ තමයි. ඒත් ඒ වස බොන අය අරක්කු ටිකක් බීලා ප්‍රශ්නෙ තාවකාලිකව අමතක කලා නම් ඒ සිතුවිලි වෙනස් වෙනවා. ඕනම ප්‍රශ්නයක් විසදන්න පුලුවන් හොදම බෙහෙත කාලය කියන එක ආයෙ අලුතෙන් කියන්න ඕන නෑනෙ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ කාලය ගෙවා ගන්නෙ කොහොමද කියන එකයි.

එහෙම කියලා හැමතිස්සෙම හැම ප්‍රශ්නෙකටම බොන්න කියලා මම කියන්නෙ නෑ. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්න කියලා ජාතියකුත් ලංකාවෙ තියනවානෙ.ඉතින් බීමේ ආදීනව ගැන කියන පොත් වලට, දේශන වලට මේ අදහසත් ඇතුලත් කිරීම සුදුසුය කියන එක නසරාණියෙක් විදියට මම නිර්දේශ කොරනවා.ආදීනව කිවුවම නරක දේවල් විතරක් කියන්න ඕන නෑනෙ. හොද දේවලුත් කියන්න එපායැ.

එතකොට සතුටට බොන්නෙ ඇයි? ඒකට නම් උත්තර දෙන්න නසරාණියා දන්නෙ නෑ. එහෙම කියලා නිකන්ම ශේප් වෙන්න නසරාණියගෙ කම්පනාවක් නෑ. ඒක මොන බාසාවකින් හරි ලියපු පොතක හරි තියනවනම් හොයාගෙන ඇවිත් කියන්නම්.

අන්තිමට වැඩක් නැති කමට බොන මිනිස්සු. ඒ මිනිස්සු එක්ක නම් නසරාණියා අම්මෙ මුත්තෙ කියලවත් බොන්න වාඩි වෙන්නෙ නෑ. ඒ වගෙ මිනිස්සු තමයි බීම නිසා විනාස වෙන්නෙ. බේබද්දො වෙන්නෙ අන්න ඒ මිනිස්සු තමයි. ඒ වගේ මිනිස්සු නිසා තමයි මේ අමෘතය වගේ තියන බීමට මිනිස්සු රටේ නැති කතා කියන්නෙ.


කන බොන මිනිස්සුන්ට මගේ ගානෙ පොඩි අවවාදයක් දීලාම මම යනවා. කවදාවත් කිසිම හේතුවක් නිසාවත් තනියම බොන්න එපා.විශ්වාසවන්ත කෙනෙක් එක්ක විතරක් බොන්න.

මේ රටේ ජීවත් වෙන්න පුලුවන් නසරාණින්ට විතරයි. පොඩ්ඩක් විතර මතක් කලොත් ඔයාල කරපු නසරාණි වැඩ මතක් උනාම ඔයාලත් නසරාණියො කියල තේරෙයි.

4 comments:

  1. සහතික ඇත්ත මචං. උඹේ උපදේශය නම් මසුරන් වටිනවා...

    ReplyDelete
  2. මේ කතාවට උඹේ කටට ටිකිරිමාරි දාන්ඩ වටිනවා....මේකෙ තියෙන ඒවා ඇත්තයි....හැබැයි ඉතින් ඇත්ත කොහොමටත් ටිකක් විතර තිත්තයි.......

    ReplyDelete
  3. එක පාරින් මැරෙන වහ නොබී, මැරෙන එක ඉක්මන් කරන වහ බීලා හරි හිත හදා ගන්න එක සියදිවි නසා ගන්නවාට වඩා හොඳයි තමයි කියලා අද තමයි වැටහුනේ මලේ.

    ReplyDelete
  4. අරක්කු අපි සහ තනිකම

    http://pojje.blogspot.com/2010/11/blog-post_5774.html

    ReplyDelete