Friday, December 17, 2010

නසරාණියාගේ love mail එක - by wikileaks


" වේලාව රාත්‍රී නවයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි. මෙන්න ප්‍රවෘත්ති. නසරාණියා විසින් සිය පරණ පෙම්වතිය වෙත යැවූ e-mail පණිවුඩයක් wikileaks වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත. සිරගතව සිටින අවදියේ බන්ධනාගාරයේදී දැනහඳුනාගත් නසරාණියා පිටතින් පෙන්වන ආකාරයේ පුද්ගලයෙකු නොවන බව ලෝකයාට පෙන්වීම සඳහා මෙම ලිපිය ප්‍රසිද්ධ කරන බව මාධ‍‍ය හමුවේ අදහස් දැක්වූ ඇප පිට නිදහස්ව සිටින Julian Assenge ප්‍රකාශ කළ බැව් Reuters පුවත් සේවය වාර්තා කරන ලදී"

පහත දැක්වෙනුයේ එම පණිවුඩයයි.

____________________________________________________________________


I'm busy with my studies. that's all. otherwise why should i say everything to u. i'll write in sinhala . if u cant c beyond this please download & install sinhala Unicode from this address. just click on this & download & install. ඔයා මාව දාල ගියාට පස්සෙ මම විඳපු වේදනා ගැන හැමදාම ඔයාට කියලා වැඩක් නෑ. අපි එක්ක හිටිය අයගෙන් ර** විතරයි ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ. එයා ඔයා එක්ක කතා කරනවා ඇතිනෙ. ඔයගෙ convocation photos ටික දැක්කා. ඇත්තටම සතුටුයි. my congratz. ඒත් මම දන්නෙ නෑ ඔයා මොනාද කලේ කියලවත්. මොකක්ද degree එක. තව කොච්චර කාලයක් ඉගන ගන්නවද?

නංගි marry කළා. මල්ලි campus out උනා. දැන් senior software engineer කෙනෙක් විදියට වැඩ කරනවා. අක්කගෙ බබාලා හොඳින් ඉන්නවා.අම්මා තාත්තා අක්කා ඇතුලු හැමෝම සතුටින් ජීවත් වෙනවා. (මම ඇරෙන්න හැමෝම)

දැන් මම ගැන මොනව කියන්නද? ඔයාගෙ FB wall එක බලද්දි කවුද ඔයාගෙන් ඇහුව එකකට කියලා තියනවා දැක්කා ඔයා කවුද බඳින්න හිතාගෙන හිටියා. ඒත් ගැලපෙන්නෙ නෑ වගේ කියලා. මං හිතන්නෙ ඒ පුංචි ඒ කාලෙ ඉඳලම ඔයාට propose කර කර හිටිය කෙනා වෙන්න ඇති. පුංචිගෙ හිත රිද්දන්න එපා. එයා ඔයාගෙ ඕස්ට්‍රේලියා යන්න තිබුන හීනෙ හැබෑ කල කෙනානෙ.කොතනකවත් මම ගැන නම් කිසිම සඳහනක් නෑ. ඔයාට දුකක් තියන බවක් පේන්නෙත් නෑ.

ඒ එක්කම මම දැක්කා ඔයාගෙ නංගිගෙ බබාට නම දැම්මෙ ඔයා කියලා කියල තියනවා. ඔයාට අමතක උනාට මට තාම මතකයි අරිසෙන් අහුබුදුගෙන් නම් ටිකක් හොයාගෙන ඔයා වැඩ කරන තැනට ආව හැටි. ඇත්තටම නම දැම්මෙ ඔයාද මමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.ඔයා නම දැම්මෙ ඔයා කියලා කියන්නෙ නැතුව ඉස්සර මාත් එක්ක affair එකක් තිබුන කෙනෙක් නම දැම්මා කියන්න පුලුවන්ද නේද? ඔයා ඉතින් සාදාරණයි. එදා තමයි මම දැක්කෙ අපේ ආදරේට නැවතීමෙ තිත තියන්න ඔයාට උදවු කල ඔයාගෙ මහ ලොකු ද*** අක්කා. අනාගතේ ඔහොම දෙයක් කරනවා කියලා දන්නවා නම් ඒ වෙලාවෙම මොකක් හරි කොරන්න තිබුනා.

ඔයා හම්බන්තොට තියන world cup match එකේදි මාව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා කිවුවා නේද? මම බොහොම අමාරුවෙන් හදාගත්තු හිත ආයෙ කඩාගන්න මට හිතන්න බෑ.ඔයා ඔයාගෙ foreign යාලුවො එක්ක ඇවිත් enjoy කරන හැටි මං වගේ බයියෙක්ගෙ හිතට ඔරොත්තු දෙන එකක් නෑ. මමත් කවදා හරි ඔයාගෙ තැනට ආවම මම ඔයා හොයාගෙන එන්නම්. එතකං මම මගේ පාඩුවෙ දියුණු වෙන්න උත්සාහ කරනවා.


මම හිරේ හිටියට ඇඬුවෙ නෑ. එකෝමත් එක කාලෙක හිටිය මම තමයි කෙල්ලෙක් ඉස්සරහා අඬ අඬ බස් වල පවා පස්සෙන් ගියේ. ඒව කලේ ආදරේ හින්ද මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි.ඔයාට මාව දාලා ගිහිල්ල සතුටින් ඉන්න පුලුවන් නම් ඇයි මට බැරි වෙන්නෙ. මොනවට වත් රිදෙන්නෙ නැති හිත සමහර වෙලාවට හුඟක් පෑරෙනවා. ඒ අපේ අතීතෙ මතක් උනාම. ඉස්සෙල්ලම මට දුන්න බෝනික්කා තාම මා ගාව තියනවා. ඒක ඔයා මට දුන්නෙ ඔයා වගේ නිසා හැම තිස්සෙම මතක් වෙන්න කියලා නේද? ඔයාගෙ පුංචි ලංකාවට ආව වෙලාවෙ 2004දි ඔයා මට දුන්න mars චොක්ලට් එකත් තාම මා ගාව තියනවා. දැන් නම් ඒක විසි කරන්න වෙන තත්වෙක තමයි තියෙන්නෙ. කොහොමත් මම ඒක තියාගත්තෙ කන්න නෙවෙයි මතක් වෙන්නනෙ.

හිරේ ඉන්න දවස් ටිකේ මම කල්පනා කලේ අවුරුදු තුනකට කලින් නම් මේ වගේ වෙලාවට මොනවා වෙන්න තිබුනද කියලයි.ඒත් ඒව මතක් කරල වැඩක් නෑ කියල මම දන්නවා.සිවු වසරක පෙම් ගීතය බොඳ වෙලා ගියාට පස්සෙ තව මොනවා කල්පනා කරන්නද? මාව් දාල යන්නෙ නෑ කියල මගේ ඔලුවෙ අත තියලයි ඔයා පොරොන්දු වුනේ.සමහරවිට ඒ පොරොන්දුව කැඩුන නිසා වෙන්න ඇති මට එච්චර ලොකු විපතක් වෙන්න ගියේ. පූරුවෙ පිනක් නිසා මගේ පණ කෙන්ද යාන්තං බේරුණා.

මම ඇඬුවෙ නම් නෑ.ඒ දවස් වල තමයි මගේ තියන හැකියාවන් මම අඳුන ගත්තෙ. මම කොච්චර දරුණු අවස්තාවකට වුණත් හොඳට මූන දෙන්න පුලුවන් කෙනෙක් කියල මම තේරුම් ගත්තා.මම විස්තර කියන්න ඕන නෑ. පුලුවන් වෙලාවක මම කරපු දේවල් ර**ගෙන් අහලා දැන ගන්න.

ඔයාට දැන ගන්න ඕන කිවුවා නේද මම හැමදාම දෙයියන්ගෙන් ඉල්ලුව මරණය දෙවියෝ වැරදීමකින්දුන්නෙ කාටද කියලා. මම ඒක තිබ්බ newspaper article එක attach කරලා ඇති. සමහරවිට මගෙන් මේ ලෝකෙට කෙරෙන්න ඕන තව දේවල් ඇති. ඒ නිසා දෙවියෝ මට සුලු දඬුවමක් විතරක් දෙන්න ඇති. ඔයාට ආදරේ කළ එකට නම් නෙවෙයි මට දඬුවම් දුන්නෙ.

තව කියන්න ගොඩක් දේවල් තියනවා.මම mail එවන එක කරදරයක් නම් කියන්න.ඔයාගෙ reply එකට පස්සෙ මම ආයෙ mail කරන්නම්.

ඔයා මේ mail එක කියවලා අඬයි කියල මට හිතෙනවා. ඒත් අඬන්න එපා.

මට ඔයාට රිද්දන්න නම් ඕන කලේ නෑ. ඒත් ඔයා මට රිද්දලා තියන තරම් ඔයාට අනාගතේදි තේරෙයි.

සුභ අනාගතයක්..

ජීවිතේ පළවෙනි පාරට කළ ආදරේ නිසා තාමත් විඳවන මම
අලු වලින් නැගිටින්න වෙර දරණ ෆීනික්ස් කුරුල්ලා වගේ නසරාණියා...

Sunday, November 21, 2010

මාමාගේ කුණුහරුප සහ අහින්සක කපුගේ


ආයුබෝවන්ඩ ආයුබෝවන්ඩ ( ආයි බොන්ඩ නම් බෑ ඕන්)



සෑහෙන කාලෙකට පස්සෙ ඕන් මාත් මේ පැත්තෙ අවිදින් යන්න ආවයි කියමුකෝ. පහුනු දොහේ මහ උලු ගෙදරට වෙලා කාලා බීලා ෆුල් ජොලියෙ හිටියා. දැන් ඉතින් එවුව්ත් ඉවරයි. ආයෙ ඉතින් පරණ පුරුදු විදියට කාටහරි ගුලියක් අඹරලා ස්ලාන්ට් එකේ ඉන්නයි තියෙන්නෙ.

හදිස්සියෙම මතක් උනා අපේ මාමා (මාමා කිවුවට කොල්ලෙක් තමයි. අපි ඉතින් ලෙන්ගතුකමට කියන්නෙ මාමා කියලා) ඉස්සර දවසක කියපු කතාවක්.

ඒ දවස්වල අපි හිටියෙ බෝඩිමක. බෝඩිමක් කිවුවට් බෝඩිමක්ම නෙමෙයි. ෆුල් ගෙයක කොල්ලො පස් දෙනෙක් තමයි හිටියෙ. එකෝමත් එක දවසක අපි ඉතින් හවස ක්ලාස් ගිහිල්ල එනකොට මාමණ්ඩියා ඉස්සෙල්ල දවසෙ රෑ ඉතුරු වෙච්ච කලු ලේබල් කොටෙනුත් සප්පායම් වෙලා කාරිය හෙඩ්ෆෝන් එකත් කණේ ගහගෙන සරමත් යන්තමට එල්ලගෙන පුටුවක් උඩට වෙලා ඉන්නවයි කියමුකො.

ඒ විතරක් නම් බැරියැ. මොකෙක්ටද මන්දා සුද්ද සින්හල කුනුහරුප ටික ඔක්කොම ආදේශ කරනවා. අපිටත් ඉතින් මළ අතේ.ඇයි යකෝ මූ අපේ ඉතිරි වෙච්ච කොටෙත් පලල දාලා තව වටපිටාවෙ ගෙවල් වලටත් ඇහෙන්න කුණුහරුප බ්‍රෝඩ්කාස්ට් කරනවනෙ. බැලින්නම් මේකා මේ බනින්නෙ අපේ රත්තරන් වටින කපුගේ උන්නැහේටනෙ.

"මොකක්ද බන් මේ වැඩේ තේරුම. කෑවනම් බිවුවනම් සද්දෙ වහලා බුදිය ගනින්කෝ"

" අඩ්ඩෝහ්... උඹලට්ටත් මම මෙහේ ඉදන් කුනුහරපයක් කිවුවොත් තමයි ගැ-- කහන්න ගන්නෙ, මේ බලපිය -රි-, මේ කපුගේ ප-- කුනුහරුප කියන්නෙ රටටම ඇහෙන්නනෙ. ඒ මදිවට විශාරද විභාගෙත් පාස් වෙලාය කියන්නෙ"

"අම්මට සිරි කපුගේ කුනුහරුප කියනවද? වෙනින් මොකෙක් හරි කපුගේගෙ වොයිස් එකෙන් කුනුහරුප සින්දු කියනව ඇති බන්.. කෝ දීපන් අපිටත් අහන්න"

මේකට අමු කැවිලද කොහෙද ... "මේ ප්ලේ වෙන්නෙ කපුගේ ගෙ විදුලි මිණි පහන් කියන ලස්සන සින්දුවනෙ බන්"

"ඒක්ක තමයි බන් මම කියන්නෙ. කොහේද්ද උඹලගෙ කිශිම රසවින්දනයක් නෑනෙ.ඒකටත් එක්ක මගේ රසවින්දනය. බොහෝඕඕම පළල්.."

"හ්ම්.. හ්ම්..ඊයෙ පෙරේදා දවසක අලියෙකුත් ඇවිල්ල හැරිල ගියයි කියන්නෙ පළල් වැඩියි කියල"

" ඉතින් කියපන්කො මොකක්ද මේ සින්දුවෙ තියන කුණුහරුපෙ කියල"

මාමණ්ඩියා බොහොම ආඩම්බර ලීලාවෙන් රිවයින්ඩ් ෆාස්ට් ෆෝර්වර්ඩ් එහෙම කොරල තැනක නවත්තලා කිවුව " දැන් අහ්හා ගනියවු.. කපුගේ කියන්නෙ කුණුහර්ප නෙමේද්ද කියලා"

අපිත් ඉතින් අහල බැලුවා.. ම්හු.. අපිට මීටරේට වැටෙන්නෙ නෑ.

"ඕකනේ කියන්නෙ. තොප්පේ දැනුමෙ තරම තමයි. දැන් ඔය කපුගේ කියන්නෙ පුර්රාගෙන පිර්රූ විතේ විසුලු කෙලි නැටුම් සිනා..යොමා ඇස බලන් යළි සොදුරියෙ වැදුම් දොර්ර දිහා..කියාපියව් බලන්න වැදුම් දොර්ර කියන්නෙ මොකක්ද කියලා. තොපිට මම පොඩ්ඩක් කුණුහර්පයක් කිවුවොත් තමයි අම්මාරුව. දැන් ඉතින් ඇරපියවුකො බලන්න කපුගේගෙත් --"


මාමණ්ඩියා දවසේ වාක්කිය කිවුවා.. අපිට ඉතින් පැය දෙක තුනක් යනකල් දත් සෙට් එක කට ඇතුලට දාගන්න බැරි උනා...

ඇත්තටම කපුගේ කිවුවෙ යොමා ඇස බලන් යළි සොදුරියෙ මැදුරුදොර දිහා කියලයි..

ඔන්න අහලම බලන්නකෝ..

seek 02:10/04:16

Monday, June 21, 2010

අරක්කු සහ අපි - කන බොන මිනිස්සුන්ට කටගැස්මට



අපි අරක්කු බොන්නෙ ඇයි? එක එක අයට එක එක හේතු තියනවා. සමහරු දුකට බොනවා. (හරියට මම වගේ) සමහරු සතුටට බොනවා. (ඒත් මම වගේ) සමහරු වැඩක් නැති කමටයි බොනවා. (මම නම් එහෙම නෑ) අරක්කු ( පොදුවේ අරක්කු කියල කියමු. මත්පැන් කියන වචනෙ මේ වගේ දේවල් වලට ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවා) බොන හැමෝටම තමන් බොන්නෙ ඇයි කියන එකට කියන්න ඕන තරම් හේතු තියනවා. ඇයි යකෝ රා බොන්න පොල්ගස් නැගල මාට්ටු වුනාම කියන්න හේතු තියන අයියලා ඉන්න රටේ ඕකට හේතු නැති වේවියැ.

දුකට බොන අය ඒකෙන් බලාපොරොත්තුවෙන්නෙ මොනවද? සමහරු බනිනවා තමයි කරදර අමතක කරගන්න බීලා තියන කරදර වැඩි කර ගන්නවා කියලා. ඒත් ඒක සාදාරණ වෙන්නෙ සමහර අවස්තාවලට විතරයි. මගේ අත්දැකීම අනුව නම් ආදරය සම්බන්ද ප්‍රශ්න වලදී අරක්කු බීම කියන්නෙ ජීවිත බේරාගැනීමට හැකියාවක් ඇති දිව්‍යමය පානයක් කියන එකයි.

කාට කාටත් හිතෙනව ඇති මේකා මේ එන්නෙ මූ බීලා අනෙත් එවුන්ටත් පොවන්න කියලා. ( ඒකනෙ මම මට හරියන නම දාගෙන තියෙන්නෙ.. :) )

අපි මෙහෙම හිතමුකෝ.. මේ සිරිලංකාවෙ ආදරය සම්භන්ද ප්‍රශ්න නිසා අවුරුද්දකට කී දෙනෙක් නම් සිය දිවි නසා ගන්නවද? අරක්කු බීලා ප්‍රශ්න විසදන්න බෑ තමයි. ඒත් ඒ වස බොන අය අරක්කු ටිකක් බීලා ප්‍රශ්නෙ තාවකාලිකව අමතක කලා නම් ඒ සිතුවිලි වෙනස් වෙනවා. ඕනම ප්‍රශ්නයක් විසදන්න පුලුවන් හොදම බෙහෙත කාලය කියන එක ආයෙ අලුතෙන් කියන්න ඕන නෑනෙ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ කාලය ගෙවා ගන්නෙ කොහොමද කියන එකයි.

එහෙම කියලා හැමතිස්සෙම හැම ප්‍රශ්නෙකටම බොන්න කියලා මම කියන්නෙ නෑ. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්න කියලා ජාතියකුත් ලංකාවෙ තියනවානෙ.ඉතින් බීමේ ආදීනව ගැන කියන පොත් වලට, දේශන වලට මේ අදහසත් ඇතුලත් කිරීම සුදුසුය කියන එක නසරාණියෙක් විදියට මම නිර්දේශ කොරනවා.ආදීනව කිවුවම නරක දේවල් විතරක් කියන්න ඕන නෑනෙ. හොද දේවලුත් කියන්න එපායැ.

එතකොට සතුටට බොන්නෙ ඇයි? ඒකට නම් උත්තර දෙන්න නසරාණියා දන්නෙ නෑ. එහෙම කියලා නිකන්ම ශේප් වෙන්න නසරාණියගෙ කම්පනාවක් නෑ. ඒක මොන බාසාවකින් හරි ලියපු පොතක හරි තියනවනම් හොයාගෙන ඇවිත් කියන්නම්.

අන්තිමට වැඩක් නැති කමට බොන මිනිස්සු. ඒ මිනිස්සු එක්ක නම් නසරාණියා අම්මෙ මුත්තෙ කියලවත් බොන්න වාඩි වෙන්නෙ නෑ. ඒ වගෙ මිනිස්සු තමයි බීම නිසා විනාස වෙන්නෙ. බේබද්දො වෙන්නෙ අන්න ඒ මිනිස්සු තමයි. ඒ වගේ මිනිස්සු නිසා තමයි මේ අමෘතය වගේ තියන බීමට මිනිස්සු රටේ නැති කතා කියන්නෙ.


කන බොන මිනිස්සුන්ට මගේ ගානෙ පොඩි අවවාදයක් දීලාම මම යනවා. කවදාවත් කිසිම හේතුවක් නිසාවත් තනියම බොන්න එපා.විශ්වාසවන්ත කෙනෙක් එක්ක විතරක් බොන්න.

මේ රටේ ජීවත් වෙන්න පුලුවන් නසරාණින්ට විතරයි. පොඩ්ඩක් විතර මතක් කලොත් ඔයාල කරපු නසරාණි වැඩ මතක් උනාම ඔයාලත් නසරාණියො කියල තේරෙයි.