Friday, December 17, 2010

නසරාණියාගේ love mail එක - by wikileaks


" වේලාව රාත්‍රී නවයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි. මෙන්න ප්‍රවෘත්ති. නසරාණියා විසින් සිය පරණ පෙම්වතිය වෙත යැවූ e-mail පණිවුඩයක් wikileaks වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත. සිරගතව සිටින අවදියේ බන්ධනාගාරයේදී දැනහඳුනාගත් නසරාණියා පිටතින් පෙන්වන ආකාරයේ පුද්ගලයෙකු නොවන බව ලෝකයාට පෙන්වීම සඳහා මෙම ලිපිය ප්‍රසිද්ධ කරන බව මාධ‍‍ය හමුවේ අදහස් දැක්වූ ඇප පිට නිදහස්ව සිටින Julian Assenge ප්‍රකාශ කළ බැව් Reuters පුවත් සේවය වාර්තා කරන ලදී"

පහත දැක්වෙනුයේ එම පණිවුඩයයි.

____________________________________________________________________


I'm busy with my studies. that's all. otherwise why should i say everything to u. i'll write in sinhala . if u cant c beyond this please download & install sinhala Unicode from this address. just click on this & download & install. ඔයා මාව දාල ගියාට පස්සෙ මම විඳපු වේදනා ගැන හැමදාම ඔයාට කියලා වැඩක් නෑ. අපි එක්ක හිටිය අයගෙන් ර** විතරයි ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ. එයා ඔයා එක්ක කතා කරනවා ඇතිනෙ. ඔයගෙ convocation photos ටික දැක්කා. ඇත්තටම සතුටුයි. my congratz. ඒත් මම දන්නෙ නෑ ඔයා මොනාද කලේ කියලවත්. මොකක්ද degree එක. තව කොච්චර කාලයක් ඉගන ගන්නවද?

නංගි marry කළා. මල්ලි campus out උනා. දැන් senior software engineer කෙනෙක් විදියට වැඩ කරනවා. අක්කගෙ බබාලා හොඳින් ඉන්නවා.අම්මා තාත්තා අක්කා ඇතුලු හැමෝම සතුටින් ජීවත් වෙනවා. (මම ඇරෙන්න හැමෝම)

දැන් මම ගැන මොනව කියන්නද? ඔයාගෙ FB wall එක බලද්දි කවුද ඔයාගෙන් ඇහුව එකකට කියලා තියනවා දැක්කා ඔයා කවුද බඳින්න හිතාගෙන හිටියා. ඒත් ගැලපෙන්නෙ නෑ වගේ කියලා. මං හිතන්නෙ ඒ පුංචි ඒ කාලෙ ඉඳලම ඔයාට propose කර කර හිටිය කෙනා වෙන්න ඇති. පුංචිගෙ හිත රිද්දන්න එපා. එයා ඔයාගෙ ඕස්ට්‍රේලියා යන්න තිබුන හීනෙ හැබෑ කල කෙනානෙ.කොතනකවත් මම ගැන නම් කිසිම සඳහනක් නෑ. ඔයාට දුකක් තියන බවක් පේන්නෙත් නෑ.

ඒ එක්කම මම දැක්කා ඔයාගෙ නංගිගෙ බබාට නම දැම්මෙ ඔයා කියලා කියල තියනවා. ඔයාට අමතක උනාට මට තාම මතකයි අරිසෙන් අහුබුදුගෙන් නම් ටිකක් හොයාගෙන ඔයා වැඩ කරන තැනට ආව හැටි. ඇත්තටම නම දැම්මෙ ඔයාද මමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.ඔයා නම දැම්මෙ ඔයා කියලා කියන්නෙ නැතුව ඉස්සර මාත් එක්ක affair එකක් තිබුන කෙනෙක් නම දැම්මා කියන්න පුලුවන්ද නේද? ඔයා ඉතින් සාදාරණයි. එදා තමයි මම දැක්කෙ අපේ ආදරේට නැවතීමෙ තිත තියන්න ඔයාට උදවු කල ඔයාගෙ මහ ලොකු ද*** අක්කා. අනාගතේ ඔහොම දෙයක් කරනවා කියලා දන්නවා නම් ඒ වෙලාවෙම මොකක් හරි කොරන්න තිබුනා.

ඔයා හම්බන්තොට තියන world cup match එකේදි මාව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා කිවුවා නේද? මම බොහොම අමාරුවෙන් හදාගත්තු හිත ආයෙ කඩාගන්න මට හිතන්න බෑ.ඔයා ඔයාගෙ foreign යාලුවො එක්ක ඇවිත් enjoy කරන හැටි මං වගේ බයියෙක්ගෙ හිතට ඔරොත්තු දෙන එකක් නෑ. මමත් කවදා හරි ඔයාගෙ තැනට ආවම මම ඔයා හොයාගෙන එන්නම්. එතකං මම මගේ පාඩුවෙ දියුණු වෙන්න උත්සාහ කරනවා.


මම හිරේ හිටියට ඇඬුවෙ නෑ. එකෝමත් එක කාලෙක හිටිය මම තමයි කෙල්ලෙක් ඉස්සරහා අඬ අඬ බස් වල පවා පස්සෙන් ගියේ. ඒව කලේ ආදරේ හින්ද මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි.ඔයාට මාව දාලා ගිහිල්ල සතුටින් ඉන්න පුලුවන් නම් ඇයි මට බැරි වෙන්නෙ. මොනවට වත් රිදෙන්නෙ නැති හිත සමහර වෙලාවට හුඟක් පෑරෙනවා. ඒ අපේ අතීතෙ මතක් උනාම. ඉස්සෙල්ලම මට දුන්න බෝනික්කා තාම මා ගාව තියනවා. ඒක ඔයා මට දුන්නෙ ඔයා වගේ නිසා හැම තිස්සෙම මතක් වෙන්න කියලා නේද? ඔයාගෙ පුංචි ලංකාවට ආව වෙලාවෙ 2004දි ඔයා මට දුන්න mars චොක්ලට් එකත් තාම මා ගාව තියනවා. දැන් නම් ඒක විසි කරන්න වෙන තත්වෙක තමයි තියෙන්නෙ. කොහොමත් මම ඒක තියාගත්තෙ කන්න නෙවෙයි මතක් වෙන්නනෙ.

හිරේ ඉන්න දවස් ටිකේ මම කල්පනා කලේ අවුරුදු තුනකට කලින් නම් මේ වගේ වෙලාවට මොනවා වෙන්න තිබුනද කියලයි.ඒත් ඒව මතක් කරල වැඩක් නෑ කියල මම දන්නවා.සිවු වසරක පෙම් ගීතය බොඳ වෙලා ගියාට පස්සෙ තව මොනවා කල්පනා කරන්නද? මාව් දාල යන්නෙ නෑ කියල මගේ ඔලුවෙ අත තියලයි ඔයා පොරොන්දු වුනේ.සමහරවිට ඒ පොරොන්දුව කැඩුන නිසා වෙන්න ඇති මට එච්චර ලොකු විපතක් වෙන්න ගියේ. පූරුවෙ පිනක් නිසා මගේ පණ කෙන්ද යාන්තං බේරුණා.

මම ඇඬුවෙ නම් නෑ.ඒ දවස් වල තමයි මගේ තියන හැකියාවන් මම අඳුන ගත්තෙ. මම කොච්චර දරුණු අවස්තාවකට වුණත් හොඳට මූන දෙන්න පුලුවන් කෙනෙක් කියල මම තේරුම් ගත්තා.මම විස්තර කියන්න ඕන නෑ. පුලුවන් වෙලාවක මම කරපු දේවල් ර**ගෙන් අහලා දැන ගන්න.

ඔයාට දැන ගන්න ඕන කිවුවා නේද මම හැමදාම දෙයියන්ගෙන් ඉල්ලුව මරණය දෙවියෝ වැරදීමකින්දුන්නෙ කාටද කියලා. මම ඒක තිබ්බ newspaper article එක attach කරලා ඇති. සමහරවිට මගෙන් මේ ලෝකෙට කෙරෙන්න ඕන තව දේවල් ඇති. ඒ නිසා දෙවියෝ මට සුලු දඬුවමක් විතරක් දෙන්න ඇති. ඔයාට ආදරේ කළ එකට නම් නෙවෙයි මට දඬුවම් දුන්නෙ.

තව කියන්න ගොඩක් දේවල් තියනවා.මම mail එවන එක කරදරයක් නම් කියන්න.ඔයාගෙ reply එකට පස්සෙ මම ආයෙ mail කරන්නම්.

ඔයා මේ mail එක කියවලා අඬයි කියල මට හිතෙනවා. ඒත් අඬන්න එපා.

මට ඔයාට රිද්දන්න නම් ඕන කලේ නෑ. ඒත් ඔයා මට රිද්දලා තියන තරම් ඔයාට අනාගතේදි තේරෙයි.

සුභ අනාගතයක්..

ජීවිතේ පළවෙනි පාරට කළ ආදරේ නිසා තාමත් විඳවන මම
අලු වලින් නැගිටින්න වෙර දරණ ෆීනික්ස් කුරුල්ලා වගේ නසරාණියා...

14 comments:

  1. මම අදයි මේ බ්ලොග් එකට අවේ මොකක්ද උනී කියන්න නම් මම ඩන්නෙ නෑ
    උබට ඔවට සෙලෙන්න එපකියන්න දෙයක් නැ නෙ ඔය දිල තියෙන්නේ එලටම
    ඔහොම තමයි කොල්ලෙක් උනම ඉන්න ඔනේ
    කෙල්ලො හිතන් ඉන්නේ උන් නැඑතුව අපිට ඉන්න බැ කියලනේ

    ReplyDelete
  2. @ මහිම
    ඇත්තම කියනවනම් කෙල්ලො නැතුව ඉන්න බෑ තමයි. ඒත් ඒක පෙන්නන්නෙ මොකටද? නැද්ද මචං හුහ්.. අපි යයි සෙකන්ඩ් වෙන්න

    ReplyDelete
  3. හේ හේ ..නියම පොස්ට් එකක් ..ජය මොචෝ..

    "ලව්නම් අනියතං බුට් නම් නියතං"

    ReplyDelete
  4. @ ඉලංදාරියා
    අම්මප සහතික ඇත්ත..
    ලව් නං තණ අග පිනිබිඳු වැන්නේ
    වැඩ ටික නොපමාවම කොර ගන්නේ :)

    ReplyDelete
  5. අනිව අනිව එහෙම නෙ ඉන්න ඔනේ
    දාන්න අයියෙ 5ක්

    ReplyDelete
  6. හ්ම්... එයා අඩයි.. අනිවාර්යෙන්ම අවංක ආදරයක් නම් ඔයා මේ එවපු එකට එයා අඩයි...

    ReplyDelete
  7. මේ බ්ලොගය කොහොමද යකෝ මට මිස් උනේ........!!දැක්කෙ නෑ සහෝ.....උඹනම් රියල් පොරක්.ඉස්සරවෙලා වැඩ ටික කරගෙන පස්සෙ ලව් කරන්න ගත්තනම් හරි. හික්.....හික්....

    ReplyDelete
  8. very moving letter bro! kello gana ithin kawara kathada?

    ReplyDelete
  9. නසරාණි මල්ලි, ම ෙග් ෙපා්ස්ට් ඒකක ෙකාෙමන්ට් කරලා ඊ ෙම්ල් අැඩ්රස් ඒක ඉල්ලලා තිබුනා ෙන්ද? මං ඒතැන ඒ්ක දැම්මා. දැක්ෙක් නැද්ද මල්ලි?

    ReplyDelete
  10. @ළමයා.
    මේ පැත්තෙ ආවට ස්තුතියි..

    @ නිම්ශා
    අවංක ආදරය මගේ නිසා එයාට අඬන්න හේතුවක් නැති වෙන්නත් පුලුවන්. සමහර විට මම වගේ කෙනෙක්ගෙ ආදරේ තියනකන් ඒකෙ වටිනාකම නොතේරුනාට දැන් තේරෙන්නත් පුලුවන්.මේ පැත්තෙ ආවට ස්තුතියි.

    ReplyDelete
  11. @ දිනේශ්
    ඉස්සෙල්ලා මිස් උනාට දැන් මාට්ටු වුනානෙ. :)
    දිගටම මේ පැත්තෙ එන්ට ඕනැ

    @ blog gadol
    අපිත් පූස් මල්ලිලා හිටිය තැන ඉන්න කොට කෙල්ලෝ දිහා ඇහැක් ඇරලා බැලුව එවුන් නෙවෙයි.
    ඒක නෙවෙයි කොල්ලෝ, දැන් කොටියා සර් වෙනුවට කවුද ඉන්නෙ?

    ReplyDelete
  12. @ randil
    හරි හරි මම හොයාගත්තා.. මම mail එකක් එවන්නම්කෝ..

    ReplyDelete
  13. ඇත්තටම නියමයි සහෝදරයා.......ජීවිතේ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා හිටිය කාලයක් තිබුනා මටත්......ඒකෙන් ගොඩ එන්න මම දරපු දුක මට උඹේ පොස්ට් එක දැකල මතක් උනා... හරියටම මගෙ ජීවිත කතාවෙන් සෑහෙන කොටසක් නසරානිය දැන ගත්තෙ කොහොමද........?
    ජයෙන් ජය....දිගටම ලියන්න...

    ReplyDelete